“ගෙදරට වෙලා ඉන්න”
කොරෝනාව ගැන යමක් නොලියන්නේ මන්දැයි බොහෝ අය විමසති.
මම දත් දොස්තරයෙක්මි. රජයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙක්මි. මේ ව්‍යසනය ගැන මුල සිටම රජය ක්‍රියා කළ ආකාරය බලා සිටියෙක්මි. තවමත් මධ්‍යම ආදායමි ලබන එහෙත් විශිෂ්ට සෞඛ්‍ය සේවයක් හා අනභිභවනීය හමුදාවක් ඇති රටක් හැටියට මේ ගැන ක්‍රියා කරන හැටි සතුටින් බලා සිටියෙක්මි.
ඉතින් තව මොනවා ලියන්නද?
එහෙත් බුකිය දෙස බලන විට රටේ මහපොළොවේ තත්ත්වය එතැන නැත. මිනිස්සු වියරුවෙන් ලියති. වියරුවෙන් උපහාස කරති. රටට කෙළ වී ඇතැයි කියති. කොරෝනා රෝගීන් ගණන Breaking නිව්ස් දමති. ආණ්ඩුව කිසිත් නොකරතැයි කියති. දන්නා මලඋලව් lockdown එකක් නැති උනත් lockdown ඉල්ලති. මේ විලම්බීතය කුමක්ද?
රටට හිතැති ආදරණීය මිත්‍රවරුනි,
තවමත් කොරෝනා රෝගීන් හමුවී ඇත්තේ පනහකි. එයින් 95% ක් විදෙස් රටවලින් ආ අය හෝ ඒ අය ලඟින් ඇසුරු කළ අයය. මේ අය හොයාගත්තේ අපේ රටේ ඔය නැතැයි කියන system එකය. මේ පනහෙන් එකෙක්වත් මැරිලා නැත. ඒ අය රැක ගත්තේ අපේ රටේ සෞඛ්‍ය සේවයේ වැදගත් මිනිස්සුය. උන්ට පිංපෙත් දී මම ලියා ඇත්තෙමි. තවමත් කොරෝනාව සමාජ පැතිරීමක් ( Community spread) වන සාක්ෂි නැත. ඒ නිසා මේ මොහොතේ මුලු රටම lockdiwn කරන්නට විද්‍යාත්මක පසුබිමක් නැත. ඉතාම දියුණු රටක් වන ඉතාලියේ සේවය කරන්නට ගොස් ආපහු පැමිණි පිරිසක් සිටින පුත්තලමට ඇඳිරි නීතිය පනවා ඇත. මේ ගැන තීරණ ගන්නට දැනුමැති විශිෂ්ට මිනිසුන් ගෙන් සමන්විත කණ්ඩායමක් සිටියි. ජනාධිපතිතුමා ඒකාධිපතියෙකු ලෙස නොව අර කණ්ඩායමට සවන් දෙමින් වැඩ කරයි. එදාවේල හම්බ කරගන්නා මිනිස්සුන්ට කෑම ටික ලාබෙට ගන්නට වැඩපිළිවෙලක් හදපු එක හොඳය. දුප්පත්කමේ හැඩරුව නොදන්නා වෙන්ඩ පොෂ් අඳබාලයන්ට මේවා විහිලු වුනත් මම එය අගයමි.
අපට වැරදුණු තැන්ද ඇත. බිග්මැච් එක එකකි. එයට අප නොයා යුතුව තිබිණි, නැතහොත් ප්‍රෙක්ෂකයන්ගේ සහභාගිත්වයක් නැතිව කරන්නට තිබිණි. සිරිපා වන්දනාව එකකි. එය අවලංගු කළ යුතුව තිබිණි. වැරැද්දක් පිළිගත්තා කියා අපට කිසිදෙයක් නැතිවන්නේ නැත. කළ යුත්තේ වරද හදා ගැනීමයි. එයට තවම කල් ඇත.
දැන් සාමාන්‍ය පුරවැසි අප කළ යුත්තේ කුමක්ද?
පුලුවන් තරම් ගෙදරට වෙලා සිටීමයි. විනෝද ගමන් නොයා සිටීමයි. නෑදැ ගෙවල්වල නොයා සිටීමයි. මිනිසුන් හා ගැටීම අඩු කිරීමයි. රෝහල්වලට ඉතාම අමාරු අසනීපයකට හැර නොයා සිටීමයි. හැම තැනම කෙළ ගැසීම නැවැත්වීමයි. කසින විට, කිවිසන විට ලේන්සුවක් පාවිච්චි කිරීමයි. අත් සේදීමයි. වගකිව යුතු පුරවැසියන් ලෙස ආඩම්බරයෙන් හැසිරීමයි….Community spread( සමාජය පුරා පැතිරෙන) තත්ත්වයට යා නොදී රට බේරා ගන්න සටනේ අප හැමෝම සොල්දාදුවන් බව තේරුම් ගැනීමයි….
ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට මට කියන්නට දෙයක් ඇත.
පළමුව, මේ මොහොතේ ජන්දය කල් දැමීම සුදුසුය. ප්‍රායෝගික ගැටලු තිබුණත් එසේ කිරීම හැම අතින්ම සුදුසුය. ඒ ගැන සිතා බලන්නැයි ඉල්ලමි.
දෙවනුව, කොරෝනා සටනේ ඉදිරි පෙරමුණේ ඉන්නා, ඍජුව කොරෝනා හා ගැටෙනා හමුදාවේ සහ සෞඛ්‍ය සේවයේ අයට දිරිගැන්වීම් දීමනාවක් ලබා දෙන හැටියට මම ඉල්ලා සිටිමි.
රටක් හැටියට අපට මේ සටන ජය ගත හැකි යයි කියමි. අවශ්‍ය වන්නේ රට ගැන හීනමානය පැත්තක තබා සාහසික විවේචනය පසෙක තබා තමන්ගේ යුතුකම ඉටු කරන එකය. ගෙදරට වෙලා ඉන්නා එකය….
ලක්මාල් කුලසේකර